ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් සහ සැකසුම් පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරැව Rajanganaya A-Park Limited පරිශ්‍රරයේදීම ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ  ඈනා බිජර්ඩ්( Anna Bjerde) මහත්මිය හා ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) ,ලෝක බැංකු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ජෝන් කයිසර්  යන මහත්වරුන් ඇතුළු ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිස, ගරැ ඇමතිතුමන් ඇතුලු පාර්ලිමේනතු නියෝජිතයන් සහ සියලූම ප්‍රභූවරැන් රාජාංගනයේ ගොවි ව්‍යාපාරයේ කෘෂි ව්‍යවසායකයන් සහ නිළධාරීන් සමග සමග සෘජු සාකච්ඡා වටයක් පැවැත්වීය. කෘෂි නවීකරන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකතුමන් වන ආචාර්‍ය රොහාන් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පවත්වන ලද එම ප්‍රගති සමාලෝඡනය සහ සාකච්ඡාව ඉතා ඵලදායි විය. වැඩසටහන අවසානයේ ඈනා බිජර්ඩ් මහත්මිය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සමරැතිළිණයක් පිළීගැන්වීමද සිදුවිය.

Facebook