[rev_slider alias="sinhalaslider"]

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය

ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියේ ඩොලර් මිලියන 58.63ක් වන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පළාත් පහක දිස්ත්‍රික්ක හතක් ආවරණය වන පරිදි උතුරු පළාතේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කත්, උතරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කත්, නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයත්, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයත් සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයත් තුල පස් අවුරුදු කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තරඟකාරී වටිනාකමින් යුත් කෘෂි නිශ්පාදන නිපදවීමට කුඩා පරිමාණ ගොවීන්ට සහය වීම, වෙළෙඳපොල අවශ්‍යතා වලට ප්‍රතිචාර දැක්වීම හා දේශීය විදේශීය වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීමට හා කාර්යක්‍ෂම හා තිරසාර වෙළෙඳපොල නියෝජනය කිරීම කෘෂීකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

පුවත්

ප්‍රතිපත්ති පිළිබඳ වැඩමුළුව

ප්‍රතිපත්ති පිළිබඳ වැඩමුළුව

  කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) පිළිබඳ ප්‍රතිපත්ති සංසඳය 2017 ජුලි මස 24 දින කොළඹ දී මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙහි සභාපතිත්වය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ උපදේශක හා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ජෙරී ජයවර්දන මහතා විසින්...

තාක්ෂණ සංසදය

තාක්ෂණ සංසදය

  තාක්ෂණික සමුළුව නොවැම්බර් මස 16 හා 17 දිනයන්හිදී කොළඹ දී පැවැත්වේ. ව්‍යාපෘතියට මගින් දිවයිනේ කෘෂිකාර්මික අංශයේ නවීකරණයට අදාල තාක්ෂණික නවෝත්පාදන, සංවර්ධන ප්‍රවේශයන් සහ ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන ජාත්‍යන්තර හා ජාතික සේවා සැපයුම්කරුවන්...

කෘෂි සංවර්ධනයේ නව හැඩගැස්ම පිළිබඳ වන වැඩසටහන

කෘෂි සංවර්ධනයේ නව හැඩගැස්ම පිළිබඳ වන වැඩසටහන

  කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා වූ වැඩමුළුව 2017 ජුලි මස 18 හා 19 යන දෙදින කොළඹ දී පවත්වන ලදී. කෘෂි තාක්ෂණික ආදර්ශන ගම්මාන, ගොවි පුහුණු ධාරිතාව වැඩි කිරීම, ගොවි සංවිධාන පිහිටුවීම, යෝජත පොකුරු ගම්මාන වල යටිතලපහසුකම් නගාසිටුවීම, මෙම...

Facebook