ප්‍රතිපත්ති පිළිබඳ වැඩමුළුව

 

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) පිළිබඳ ප්‍රතිපත්ති සංසඳය 2017 ජුලි මස 24 දින කොළඹ දී මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙහි සභාපතිත්වය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ උපදේශක හා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ජෙරී ජයවර්දන මහතා විසින් දරණ ලදී. ASMP ව්‍යාපෘති කාර්ය මණ්ඩලය හා ක්‍ෂේත්‍රයට අදාල බොහෝ පිරිස් මේ සඳහා සහභාගි විය. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයන්හි වෘත්තිකයන්ගේ අත්දැකීම් සමග ප්‍රතිපත්ති පර්යේෂණාත්මක තේමාවන් මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී.

Facebook