කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති හා ඉදිරි ප්‍රවනතා

 

ලෝක බැංකු කණ්ඩායම විසින් නව ප්‍රතිපත්ති සාකච්ඡා වැඩසටහනක් සංවිධානය කරන ලදී. ලෝක බැංකුවේ ගෝලීය කෘෂිකර්ම ක්‍රමවේදය තුල ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මධූර් ගෞතම් මහතා, ASM ව්‍යාපෘතියේ කණ්ඩායම් නායකයා වන උල්රිච් ස්මිත් මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. බී. විජේරත්න මහතා, කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. වික්‍රමාරච්චි මහතා, කෘෂිපර්යේෂණ කවුන්සිලයේ සභාපති ආචාර්ය ජෙරී ජයවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ උපදේශක ආචාර්ය රොහාන් විජේකෝන් මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ජීවික වීරහේවා මහතා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී දේශන පවත්වන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ කෘෂිකාර්මික ආහාර අංශයට ප්‍රතිපත්තිමය මග පෙන්වීමක් සැලසීමයි.

Facebook