ව්‍යාපෘතිය

 
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර කෘෂිකර්ම අමාත්‍යාංය විසින් ක්‍රියාත්මක කරනු ඇත. මෙය ඵලදායීතාවය වැඩිදියුණු කිරීම හා විවිධාංගකරණය පිළිබඳ ආදර්ශනය අරමුණු කරගත් කරඟකාරී හා වෙළෙඳපොල භාණ්ඩ නිෂ්පාදනයට කුඩා පරිමාණ ගොවීන්ගේ සහයෝගය ලබා ගැනීම, වෙළෙඳපොල අවස්තාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ කෘෂිකාර්මික වාණිජකරණය වැඩි දියුණුකිරීම කටයුතු කරනු ඇත. මෙහි අපේක්‍ෂිත ප්‍රතිඵල වනුයේ
ගොවීන් තනිතනිව හෝ ගොවි සංවිධාන වල වෙළඳපොල දිශාන්තිය වැඩි කිරීම, කෘෂිකාර්මික වාණිජකරණය වැඩිදියුණු කිරීම සහ කෘෂි තාක්‍ෂණික ප්‍රදර්ශන උද්‍යාන හරහා නවීන තාක්‍ෂණික පැකේජ් හඳුන්වාදීම ඇතුලත් වේ.

ගොවි පුහුණුව හා ධාරිතා වර්ධනය

විධිමත් ගොවි පුහුණුව හා ධාරිතාව ඉහල නැංවීම හරහා කුඩා පරිමාණ ගොවීන්ගේ දැනුම වර්ධනයට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම සිදුවේ. එමෙන්ම වෙළෙඳපොල සඳහා ඵලදායි ප‍්‍රතිචාර දැක්වීමට ගොවි සංවිධාන නියෝජිතයන් ඇතිකිරීම මෙමගින් සිදුවේ.
ගොවි පුහුණුව හා ඔවුන්ගේ ශක්තතාවයන් ගොඩනැගීමට ක‍්‍රියාකාරකම් දෙකක් හඳුනාගෙන ඇත.

1) තනි වශයෙන් ගොවීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම.

2) ගොවි නිෂ්පාදකයෙකු පුහුණුකිරීම. FAQ ව්‍යාපෘතිය යටතේ ගොවි ව්‍යාපාර පාසලේ පවත්නා පුහුණු මොඩියුල භාවිත කිරීම මගින් පුද්ගල ගොවි පුහුණු හැකියාවන් වැඩිදියුණු කිරීම.  

නවීන කෘෂිකාර්මික තාක්ක්‍ෂණ ප්‍රදර්ශන උද්‍යාන (ATDPs)

ATDP යන්න ශ්‍රී ලංකාවට නව සංකල්පයකි. මෙහි මූලික අරමුණ වන්නේ දිවයිනේ කුඩා ගොවීන් සඳහා වන හොඳම නවීන සහ පිළිගත් කෘෂිකාර්මික තාක්ෂණයන් ව්‍යාප්ත කිරීමයි. කෘෂිකාර්මික තාක්ෂණික උද්භිද උද්‍යානය යනු කෘෂිකාර්මිකකරණය අරමුණු කරගත් සමස්ථ කෘෂිකාර්මික වටිනාකමකින් යුත් සරල ප්‍රවේශයක් සහිත තනි වෙළෙඳපොල කේන්ද්‍රස්ථානයක් සහිත තනි බෝග හෝ බෝග කන්ඩායමකි. සුලු ප්‍රමාණයේ ගොවීන් සහ නිෂ්පාදකයින්ගේ සංවිධාන විසින් තවමත් සපයා නොමැති හෝ ප්‍රාගෝගික නොවන නවීන කෘෂිකාර්මික තාක්ෂණික පැකේජ හඳුන්වා දීම, ආදර්ශනය සහ පුළුල් කිරීම සඳහා ATDP මගින් සහයෝගය ලබා දෙනු ලබයි. මෙම උප සංරචකය මගින් දිස්ත්‍රික්ක හතක ATDP සංකල්පය ස්ථාපිත කිරීමට සහය ලබා දෙයි. යාපනය, මුලතිව්, අනුරාධපුරය, මඩකලපුව, මොණරාගල, මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල දරිද්‍රතාවය සහ කෘෂිකාර්මික සංවර්ධන හැකියාවන් මත පදනම්ව මෙම හඳුනාගැනීම සිදුකර ඇත. සෑම උද්‍යානයකම ගම්මාන 8ක් හෝ 10ක් ඇතුලත් වන අතර ඉල්ලුම හා සම්පත් ප්‍රමාණය මත පදනම්ව පුළුල් කිරීමේ හැකියාව පවතියි.

නිශ්පාදන හා වෙළෙඳපොල යටිතල පහසුකම්

මින් සිදුවන්නේ ATDP සංවර්ධනය සඳහා අවශ්‍ය වන පොදු හා නිෂ්පාදන යටිතල පහසුකම්
සැපයීමයි. තෝරාගත් ප්‍රමුඛතා ව්‍යාපෘති ප්‍රදේශයන්හි පිහිටි කුඩා පරිමාණ වාරිමාර්ග යටිතල පහසුකම් සහ දැනට පවත්නා ජල ටැංකි හා වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම සහ ඒවායේ ATDP 
සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා නිෂ්පාදන සහ වෙළෙඳපොල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සහය ලබාදීමයි. තෝරාගත් නිෂ්පාදන හා වෙළෙඳපොල ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම හා ප්‍රවාහනය වැඩිදියුණු කිරීම, වෙළෙඳපොල ප්‍රවේශයන් හා කෘෂිකාර්මික
යන්ත්‍රෝපකරණ සඳහා ඇති ප්‍රවේශයන් වැඩි කිරීම සහ ගබඩා කිරීමත් භාණ්ඩ හැසිරවීමේ පහසුකම් පැතලි වියළීමේ ක්‍රම, බෝග අස්වැන්න ගබඩා කිරීමේ පහසුකම් හා වෙනත් පහසුකම් සැලසීම මින් තවදුරටත් සිදුකෙරේ.

විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන සහය

සාක්‍ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති, නීතිමය සහ නියාමන රාමුව සංවර්ධනය කිරීමට සහය ලබා දීම මෙහිදී සිදුකරනු ඇත. වරින් වර රජයේ විවිධ කොටස් වලින් පැන නැගුණු ප්‍රතිපත්ති තීරණ නිසා ප්‍රතිපත්ති වල නියාමනය හරහා තිරසාර තරගකාරී නවීන කෘෂිකාර්මික හා ආහාර පද්ධතියක් සඳහා සුදුසු පරිසරයක් සැපයීම සඳහා උපාය මාර්ග සැළසීම සිදුකරණු ඇත.

වැඩි විස්තර සඳහා අප අමතන්න

Facebook