අප ගැන

 

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය (ASMP)

කෘෂීකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය විසින් කෘෂිකාර්මික ඵලදායිකාවය ඉහල නැංවීම, වෙළෙඳපොල ප්‍රවේශය වැඩි කිරීම, ව්‍යාපෘති ක්‍රියාත්මක වන ප්‍රදේශයන්හි කුඩා පරිමාණ ගොවීන් හා කෘෂි ව්‍යාාපාරවල ගුණාත්මකතාවය ඉහල නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය උතුරු පළාතේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කත්, උතරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කත්, නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයත්, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයත් සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයත් සමග කටයුතු කරනු ඇත.
 

ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද?

 

වැඩිදියුණු කළ නිෂ්පාදන ධාරිතාව, වැඞ්දියුණු කළ හැකි සැපයුම් කළමනාකරණය, වඩා හොඳ සහ වඩා කාර්යක්‍ෂම තාක්‍ෂණය, වැඩිදියුණු කළ වෙළෙඳ සබඳතා මෙන්ම ගුණාත්මක අවස්තාවන් ඇතිකිරීම සඳහා කෘෂි විද්‍යාගාර 14000ක ගොවි පවුල් ගෘහස්ථ කෘෂී තාක්ක්‍ෂණික ආදර්ශන මගින් සෘජු ප්‍රතිලාභ ලබනු ඇත. කෘෂිකාර්මික පවුල් 20000ක ගොවි ව්‍යාපාර සහ අලෙවි ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇති කිරීම සඳහා වෘත්තීය සහාය ලබා ගැනීමට මින් ප්‍රතිලාභ සැපයේ. යාපනය, මුලතිව්, අනුරාධපුරය, මඩකලපුව, මොණරාගල, මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක හත ආවරණය වන පරිදි ්ඔෘඡ ව්‍යාපෘතිය සහ අනුපූරක නිෂ්පාදන යටිතල පහසුකම් ආයෝජන කර ඇත

වැඩි විස්තර සඳහා අප අමතන්න

Facebook