උසස් ප්‍රමිතියෙන් යුත් අඹ ගෙඩියක් ලබාගැනීම සදහා එය නිසි දිනයේදීම නෙලා ගැනීම අත්‍යවශ්‍ය වනවා. එසේම මලු තාක්ෂනයෙන් අඹගෙඩියට ලැබෙන නිසි ගුණාත්මක භාවය නිසි දිනයට නෙලීමෙන් වැඩි කරගැනීමටත් පුලුවන්. එසේම අප වයෘපෘතිය මගින් හදුන්වා දුන් සමූහ පොකුරැ ගොවි ව්‍යාපාර සංකල්පයේදී, එම ව්‍යාපාරයන්ට එක් දිනකදී කොපමණ ගෙඩි ප්‍රමාණයක්, ආසන්න වශයෙන් කිලෝ ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්න වෙන් වෙන්ව දිනයෙන් දිනයට ලබාගැනීම පහසු වනවා. එමනිසා ඉතාමත් ඵලදායි ලෙස අපනයනකරැවන් සහ දේශිය තොග වෙලදුන් සමගින් නිසි දත්ත මත පදනම්ව වඩාත් ඵලදායි ව්‍යාපාරයක් කිරීමට එම ගොවි සමිතියට හැකිවනවා. ඉතා උසස් මට්ටමේ ඵලදාවක් ලබා සිටින ඔවුන් දැන් ඒ සදහා දේශිය සහ විදේශීය ගැනූම්කරැවන් වෙත තම නිශ්පාදනයන් ලබාදීම සහ නව ගැණූම්කරැවන් වෙත තම නිශ්පාදන හදුන්වාදීමේ කටයතු සිදුකරමින් පවතිනවා.

ලෝක බැංකු ශ්‍රී ලංකා නියෝජිතයන් සහ කෘෂි නවීකරන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක තුමන් වන ආචාර්‍ය රොහාන් විජේකෝන් මහතා සහ නිළධාරීන් කෘෂි විදාඥ්ඥ ආචාර්‍ය ජුලියන් මහතා සමගින් පසුගිය දිනක මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය දැකබලාගැනීම සදහා එම ප්‍රදේශයේ සංචාරය කරන ලදි.

Facebook