හෑෂ් අලිගැට පේර නොහොත් HASS Avocado යනු ලොව ඉහළම ඉල්ලුමක් ඇති, ගුණාත්මක අතින් ඉහල පළතුරකි. ශ්‍රී ලංකාව තුල තවමත් අලිගැටපේර නිසි ආර්ථික භෝගයක් ලෙස නිසි සැලුස්මකට සහ නව තාක්ෂණය භාවිතයෙන් වගාකිරීම ශ්‍රී ලංකාව තුල සිදුවී නොතිබිනි. කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ විද්‍යාඥ්ඤයින්ගේ නිරීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට වඩාත් උචිත භෝගයක්ලෙස අලිගැටපේර හදුනාගන්නා ලදි. ඒ අනුව ලොව වඩාත් ඉහළ ඉල්ලුමක් ඇති හෑෂ් අලිගැටපේර අංකුර ඕස්ටේ‍රිලියාවෙන් ආනයනයකරමින් අංකුර භද්ධකිරීම මීට ටික කළකට පෙර සිදුවිය. එයින් සකසාගත් ශ්‍රී ලංකාවට උචිත හෑෂ් අලිගැටපේර පැල තෝරාගත් බිම් වල පැලකිරමින් මහනුවර සහ ඒ අවට විශාල ගොවි බිම් ප්‍රමාණයක් අලැගැටපේර ගොවිබිම් ලෙස පරිවර්ථනය කිරීම සිදුවිය.

Facebook