[rev_slider alias="sinhalaslider"]

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය

ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියේ ඩොලර් මිලියන 58.63ක් වන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පළාත් පහක දිස්ත්‍රික්ක හතක් ආවරණය වන පරිදි උතුරු පළාතේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කත්, උතරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කත්, නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයත්, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයත් සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයත් තුල පස් අවුරුදු කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තරඟකාරී වටිනාකමින් යුත් කෘෂි නිශ්පාදන නිපදවීමට කුඩා පරිමාණ ගොවීන්ට සහය වීම, වෙළෙඳපොල අවශ්‍යතා වලට ප්‍රතිචාර දැක්වීම හා දේශීය විදේශීය වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීමට හා කාර්යක්‍ෂම හා තිරසාර වෙළෙඳපොල නියෝජනය කිරීම කෘෂීකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

පුවත්

ගොවි සංවිධාන නිෂ්පාදකයන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන

ගොවි සංවිධාන නිෂ්පාදකයන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන

  කෘෂිකර්මාන්ත සංවිධානයේ දැනුවත් කිරීමේ වැඩසටහන 2017 ජුනි මස 21 වන දින කෘෂිකර්ම අමාත්‍යංශයේදී පවත්වන ලදී. ගොවි සංවිධාන පිහිටුවීම, එහි කාර්යභාරය හඳුන්වාදීම, ගොවි සංවිධාන වලට අදාල නීතිමය හා වෙනත් කරුණු සාකච්ඡා කරණ ලදී. [Best_Wordpress_Gallery id="35"...

කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති හා ඉදිරි ප්‍රවනතා

කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති හා ඉදිරි ප්‍රවනතා

  ලෝක බැංකු කණ්ඩායම විසින් නව ප්‍රතිපත්ති සාකච්ඡා වැඩසටහනක් සංවිධානය කරන ලදී. ලෝක බැංකුවේ ගෝලීය කෘෂිකර්ම ක්‍රමවේදය තුල ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මධූර් ගෞතම් මහතා, ASM ව්‍යාපෘතියේ කණ්ඩායම් නායකයා වන උල්රිච් ස්මිත් මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී....

Facebook