Agriculture Modernization Exhibition 

11th to 16th December 2018, Bandaranaike Memorial International Conference Hall, Sri Lanka

About Agriculture Modernization Exhibition 

Sri Lanka Agriculture Modernization Exhibition 11th – 16th December 2018  BMICH Colombo, Sri Lanka

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2018 දෙසැම්බර් 11 දින සිට 16වැනි දින දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ රතු ගෙමිදුල ආලින්ද පරිශ්‍රයේ සහ නැගෙනහිර සහ බටහිර ගෙමිදුල් පරිශ්‍රයේ දී උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කෘෂිකර්ම ප්‍රදර්ශනයක් සංවිධානය කරයි.

මෙම ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නවීකරණය ගැන මූලික වශයෙන් අවධානය යොමු කෙරෙන අතර, අමාත්‍යාංශයේ “කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය” මඟින් ඉටු කෙරෙන ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම්වත් කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය උදෙසා ලෝකයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නවීකරණ තාක්ෂණය සහ නව මෙවලම් යනාදී කාර්යක්ෂමතාව සහ ඵලදාව වර්ධනය කරන නව දැනුම ජනතාවට ප්‍රදර්ශණය කෙරෙන වෘත්තීයමය ව්‍යායාමයකි. අද නවීනතම කෘෂිකර්මාන්තයේ ප්‍රවණතා සහ ක්‍රියාවලි පිළිබඳ නරඹන්නාට දැනුම බෙදා දෙන තෝතැන්නක් ලෙසින්ද මෙම ප්‍රදර්ශනය යොදා ගත හැකිය.  විශේෂයෙන් අපනයන අභිමුඛ නිෂ්පාදන/ඵලදාව පිළිබඳවත්, විදේශ ගැනුම්රුවන් අරභයා ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන හඳුන්වාදීමටත්, විදේශ සැපයුම්කරුවන්ගේ උපකරණ හා මෙවලම් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදීමටත් මෙම ප්‍රදර්ශනය සැමට ප්‍රයෝජනවත් අවකාශයක් වනු ඇත.

 

ප්‍රදර්ශනයේදී හමු වන කෘෂි නිෂ්පාදන සහ සේවාවන් රාශියක් පහත විවිධ ප්‍රභේදවලින් දැක්වේ.

  • කෘෂි යන්ත්‍ර සහ මෙවලම්
  • ජීව තාක්ෂණය
  • කෘෂි පරිසර විද්‍යාව
  • සුරක්ෂිතාගාර
  • වාරි සහ ජල කළමනාකරණ විධි
  • මල් වගා ව්‍යාපෘති ක්‍රම
  • ගෙවතු වගාව
  • නාගරික කෘෂිකර්මාන්තය
  • පැලෑටි රැකගැනීමේ ක්‍රම
  • උද්‍යාන අලංකරණය
  • පලිබෝධ කළමනාකරණය
  • පොහොර සහ රසායනික ද්‍රව්‍ය
  • කාබනික කෘෂිකර්මය
  • පසු අස්වනු තාක්ෂණික ක්‍රම
  • පරිගණක මෙවලම්
  • අලෙවිකරණ සහ අපනයන සේවා
  • බීජ තාක්ෂණ ක්‍රම

 

 

වර්ග මීටර් 9ක (මී. 3 x මී. 3) ප්‍රදර්ශන කුටියක්;

අ)      භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා පමණක් දින හයටම රු.6000/-කි.

ආ)     භාණ්ඩ අලෙවිකරණ එම ප්‍රමාණයේම කුටියක් සඳහා දින හයටම රු.15,000/-

 

මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම්;

 

  • ආචාර්ය රොහාන් විජේකෝන්; උපදේශක, කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය

 +94 715 328 281 ජංගම දුරකථනයට හෝ rwije1958@gmail.com  පරිගණක තැපැල් ලිපිනයට                              අමතන්න.

 

  • නිමල්කා මොරහැල මහත්මිය;

+94 77 315 76 88 ජංගම දුරකථනයට හෝ nimalka65@gmail.com පරිගණක තැපැල් ලිපිනයට අමතන්න.

 

 

 

Register Now!

Please download the Form and send it to us via Email

Contact Us

Facebook