ව්‍යාපෘතිය
ගොවීන් තනිතනිව හෝ ගොවි සංවිධාන වල වෙළඳපොල දිශාන්තිය වැඩි කිරීම, කෘෂිකාර්මික වාණිජකරණය වැඩිදියුණු කිරීම සහ කෘෂි තාක්‍ෂණික ප්‍රදර්ශන උද්‍යාන හරහා නවීන තාක්‍ෂණික පැකේජ් හඳුන්වාදීම ඇතුලත් වේ.
ගොවි පුහුණුව හා ධාරිතා වර්ධනය
විධිමත් ගොවි පුහුණුව හා ධාරිතාව ඉහල නැංවීම හරහා කුඩා පරිමාණ ගොවීන්ගේ දැනුම වර්ධනයට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම සිදුවේ. එමෙන්ම වෙළෙඳපොල සඳහා ඵලදායි ප‍්‍රතිචාර දැක්වීමට ගොවි සංවිධාන නියෝජිතයන් ඇතිකිරීම මෙමගින් සිදුවේ.
ගොවි පුහුණුව හා ඔවුන්ගේ ශක්තතාවයන් ගොඩනැගීමට ක‍්‍රියාකාරකම් දෙකක් හඳුනාගෙන ඇත.
1) තනි වශයෙන් ගොවීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම.
2) ගොවි නිෂ්පාදකයෙකු පුහුණුකිරීම. FAQ ව්‍යාපෘතිය යටතේ ගොවි ව්‍යාපාර පාසලේ පවත්නා පුහුණු මොඩියුල භාවිත කිරීම මගින් පුද්ගල ගොවි පුහුණු හැකියාවන් වැඩිදියුණු කිරීම.
නවීන කෘෂිකාර්මික තාක්ක්‍ෂණ ප්‍රදර්ශන උද්‍යාන (ATDPs)
නිශ්පාදන හා වෙළෙඳපොල යටිතල පහසුකම්
මින් සිදුවන්නේ ATDP සංවර්ධනය සඳහා අවශ්‍ය වන පොදු හා නිෂ්පාදන යටිතල පහසුකම්
සැපයීමයි. තෝරාගත් ප්‍රමුඛතා ව්‍යාපෘති ප්‍රදේශයන්හි පිහිටි කුඩා පරිමාණ වාරිමාර්ග යටිතල පහසුකම් සහ දැනට පවත්නා ජල ටැංකි හා වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම සහ ඒවායේ ATDP
සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා නිෂ්පාදන සහ වෙළෙඳපොල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සහය ලබාදීමයි. තෝරාගත් නිෂ්පාදන හා වෙළෙඳපොල ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම හා ප්‍රවාහනය වැඩිදියුණු කිරීම, වෙළෙඳපොල ප්‍රවේශයන් හා කෘෂිකාර්මික
යන්ත්‍රෝපකරණ සඳහා ඇති ප්‍රවේශයන් වැඩි කිරීම සහ ගබඩා කිරීමත් භාණ්ඩ හැසිරවීමේ පහසුකම් පැතලි වියළීමේ ක්‍රම, බෝග අස්වැන්න ගබඩා කිරීමේ පහසුකම් හා වෙනත් පහසුකම් සැලසීම මින් තවදුරටත් සිදුකෙරේ.