කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ කෘෂි නවීකරණ  ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පිහිටුවනු ලබන නිශ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනෙහි සමාරම්භය බුත්තල, වගුරුවෙල වැවේයායේදී 2020.01.02 දින සුභ මොහොතින් ආරම්භ කරන ලදී.
මෙම ‍වැඩසටහන යටතේ වැල් දොඩම් වගා කරනු ලබන ගොවීන් 100 දෙනෙකු සදහා ප්‍රතිපාදන ලබා දීමට නියමිතය. ඒ යටතේ එක් ගොවි මහතෙකු සදහා වතුර පොම්පයක්, විසිරි ජල පද්ධතියක්, වගාවට අවශ්‍ය ආධාරක කණු, කම්බි සහ ඵලදාව ඇසිරීම සදහා අවශ්‍ය වන ප්ලාස්ටික් ඇසුරුම් ලබා දීමට නියමිතය. මේ අනුව එක් ගොවියෙකු හට ලක්ෂ 06 බැගින් මුළු ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 75ක් වැය කිරීමට අපේක්ෂිතය.
තව ද, අන්නාසි වගා කරන ගොවීන් 200ක් සදහා පළමු අදියර යටතේ ගොවීන් 50 දෙනෙකු සදහා සහ දෙවන අදියර යටතේ ගොවීන් 150ක් වෙනුවෙන් වගාවට අවශ්‍ය උපකරණ යනාදිය සදහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතය.

Facebook